දන්නා ඇස ගැන නොදන්නා දේ
February 17, 2017 02:00 pm
318
ලෝකයේ ජීවත් සෑම සත්තවයෙකු හටම පිහිටා ඇති ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත් කාරියක් කිරීමට අපොහොසත් වේ. මෙමගින් දිවා රාත්‍රී දෙකෙහි වෙනස හඳුනාගැනීමක් සිදුකරන අතර මෙය සත්‍ය වශයෙන්ම පෙනීමක් ලෙස සැළකිය නොහැක. වඩාත් සංකීර්ණ ඇස්වලට වර්ණ සහ හැඩතල හදුනාගත හැක. එවැනි ඇතැම් ඇස්වලට වර්ණ සහ මිනිස් ඇසක මෙන් දෘෂ්ටි පරාසය විශාල වශයෙන් පිහිටීමෙන් වඩාත් හොදින් වස්තුවක ගැඹුර පිළිබඳව සංජානයක් ලබාදේ. (දෛනික දෘෂ්ටිකත්වය) අනෙකුත් සංකීර්ණ ඇස් ඇති හාවුන්, කටුස්සන් වැනි සතුන්ගේ මෙම පිහිටීම වලක්වා ගනුවස් ඇස් එකිනෙකට දුරින් පිහිටා ඇත.
මිනිස් ඇස විෂ්කම්භය  මිලිමීටර් 25 පමණ වන ගෝලාකාර ව්‍යූහයක් වන අතර එහි පිටත පෘෂ්ඨයට සවිවි පවතින අක්ෂි පේශී මගින් ඇස හිස්කබලේ අක්ෂී කුහරයට සම්බන්ධව පවති.


 ඇසට කළු ඉගිරියාවෙන් ආලෝකය ඇතුළුවන අතර එය අක්ෂි කාචය මගින් නාභිගත කරනුයේ දෘෂ්ඨිවිතානය මතටයි. ආලෝකට සංවේදි යෂ්ඨි ෙසෙල(ආලෝක දීප්තිය හදුනා ගැනීම) සහ කේතු ෙසෙල (වර්ණයන් හදුනාගැනීම) ආලෝකය කෙරෙහි ප්‍රතිචාර දක්වයි.


 ඒවා එකිනෙක හා අනොන්‍යව ක්‍රියාත්මක වීමෙන් ආලෝකයේ දීප්තිය, වර්ණයන් හා වස්තූන්හි හැඩයන් පිළිබඳව පණිවිඩ මොළය වෙතට සන්නිවේදනය කරයි.
අක්ෂීගෝලයේ බිත්තිය පිටත සිට ඇතුළතට පිලිවෙළින් ශ්වේතඝන ස්ථීරය ,රැධීරග්‍රාහිය සහ දෘෂ්ඨී විතානය යන ස්තර 3 කින් සමන්විත වේ. අක්ෂීගෝලයේ පුර්ව කලාපය තුලදි ශ්වේතඝන ස්තරය පාරදෘශ්‍යය ස්වච්ජය බවට පත්වෙමින් ඇස තුලට ආලෝකය ඇතුල්විමට සලස්වනු ලබයි. ඇස අභ්‍යයන්තරයේම පවතින දෘෂ්ඨී විතානය ආලෝකය ප්‍රතිග්‍රහණය/සංවේදනය කිරිම සදහා වැදගත්වන කේතු සහ යෂ්ටි ෙසෙල ලෙස හදුන්වන ප්‍රකාශප්‍රතිග්‍රාහක ෙසෙල දරනු ලබයි.දෘෂ්ටිවිතානය තුල ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ෙසෙල මගින් ආලෝකය සංවේදනය කිරිමෙන් පසුව එවා ස්නායු පණිවිඩ බවට හැරවිම සදහා වැදගත්වන ස්නායු ෙසෙල ස්තරයක්ද දෘෂ්ඨී විතානය තුල පවති. ඒ අනුව දෘෂ්ටිවිතානය තුල මුලික ෙසෙල ස්තර දෙකක් පවති.
ද්විධ්‍රැව නියුරෝන සහ ගැන්ග්ලියා ෙසෙල වලින් සමන්විත ස්නායු ෙසෙල ස්තරය ප්‍රකාශ ප්‍රතිග්‍රාහී ෙසෙල වලින් ලැඛෙන පණිවිඩයන් ස්නායු පණවිඩයන් බවට හරවනු ලබයි. දෘෂ්ටි විතානයේ වු ෙසෙල වලින් ක්‍රියා විභවයක් ජනනය කළහැකි එකම ෙසෙල කාණ්ඩය වනුයේ ගැන්ග්ලීය ෙසෙලයන්ය.
ඇස ඉදිරියේ ඇති ස්වච්ඡ මන්ඩලය යනුවෙන් හැදින්වෙන පෘෂ්ඨය ඇසට පිවිසෙන ආලෝක කිරණ අක්ෂිකාචයට හොදින් වරතනය කරයි.ප්‍රතියෝජක පේශීන්ගේ ක්‍රියාකරිත්වය ආධාරයෙන් අක්ෂිකාචයේ වක්‍රතාවය වෙනස් කරමින් විවිධ දුර ප්‍රමාණවල ඇති වස්තූන්ගේ ප්‍රතිබිම්භ දෘෂ්ටිවිතානය නැමැති තිරයට නාභගත කරයි.

ඇසේ මෙම ගුණය ප්‍රතියෝජන බලය ලෙස හදුන්වයි. දෘෂ්ටිවිතානය මත සෑදෙන්නේ යටිකුරු ප්‍රතිවිම්බයකි. දෘෂ්ටි ස්නායු සහ මොළයේ ක්‍රියාකාරිත්වය මගින් එය උඩුකුරු ලෙස අපට පෙනෙයි. අක්ෂි ප්‍රතියෝජනය මගින් මොහොතින් මොහොත අක්ෂි කාචයේ නාභීය දුර වෙනස් වෙයි.
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter