අයිෆල් කුළුණට විදුරු ගෙයක්
February 15, 2017 10:39 am
156
මෙම වසර අවසන් වන විට පැරිසියේ අයිෆල් කුලූන වටකොට වීදුරුවලින් හෝ හැඩකළ ලෝහයෙන් නිත්‍ය පවුරක් ඉදි කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කෙරුණි.
ත්‍රස්ත ප්‍රහාරයකින් කුලුන ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙන් පැරිස් නගර බලධාරීන් විසින් එවැනි පියවරක් ගනු ලබන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.


මේ සැලැස්ම අනුව 2016 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙද්දී අයිෆල් කුලූන වටකොට ඉදි කරන ලද යකඩ වැට ඉවත් කෙරෙනු ඇත. ඒ වෙනුවට විනිවිද පෙනෙන ආරක්ෂිත වීදුරුවලින් හෝ ලෝහයෙන් මීටර් දෙක හමාරක් උසැති අලංකෘත වැටක් ඉදි කරන බව පැරිස් නගර බලධාරීහු පවසති. දැනට පවතින යකඩ වැට අශෝභන නිර්මාණයක් බව පැරිසියේ සහකාර නගරාධිපතිවරයා පවසයි.
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter