අලූතින් ආපු ටීච රොබෝ
July 04, 2016 10:00 pm
367
ජපන් ජාතිකයින් තමන්ගේ තාක්ෂණික හැකියාව ලොවට ඉදිරිපත් කිරිමට තවත් උත්සහයක් ගෙන ඇත. එයට ඔවුන් උපයෝගි කරගෙන ඇත්තේ  අලුත්ම රොබෝ කෙනෙකි. අධි තාක්ෂණයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ජපන් ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ මෙම රෝබෝ දැනටත් ගුරුවෘත්තියටත් අත තබා ඇත.

2014 වර්ෂයේ මුල් භාගයේ සිට ජපන් රෝබෝ සමාගමක්  මෙම නිර්මාණය කිරීම සඳහා පෙළමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස උස මීටර් 1කට වඩා නොඅඩු මයික්‍රො තාක්ෂණය යොදාගනිමින් ගැඹුරු සංවේදන මුසු කොට නිර්මාණය කළ රොබෝව 2016 වර්ෂයේදී ලොවට දායාද කිරීමට ඔවුන්ට හැකි විය.

දැනට මෙම රොබෝ ජපානයේ Shoshi මහා විද්‍යාලයේ සිසුන්ට පාඩම් ඉගැන්වීම සඳහා මෙන්ම ලන්ඩන් නිර්මාණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු කාර්මික සිසුන්ට තාක්ෂණය විෂය ඉගැන්වීම සඳහා ද භාවිතා කරනු ලබයි.එළඹෙන සැත්තැම්බර් මාසයේ සිට ඇරැඹෙන බි්‍රතාන්‍ය නව පාසල් වාරයේ දී මෙම රොබෝ සාදරයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍ය පාසල් සිසුහු පුල පුලා බලා සිටිති.

ගුරු වෘත්තියෙහි පමණක් නොව ජපානයේ නෙස්කැෆෙ ප්‍රදර්ශනාගාර 1000කට වඩා වැඩි ප්‍රමාණයක ද මෙම රොබෝවරුන් සේවයෙහි නියැළී සිටිති.තව ද ඛෙල්ජියානු රෝහල් දෙකක පිළිගැනීමේ නිලධාරින් ලෙස ද මේ රොබෝවරු පත්කර තිබේ.

ජපානයේ රොබෝ සමාගම පවසන පරිදි මෙම රෝබෝ මානව හිතවාදී චරිතයක් ලෙස දැනටමත් ලොවම පිළිගෙන ඇත. ලතින් භාෂාව කථා කිරීම, ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීම සහ යම් කෙනෙකු මනාව පිළිගැනීමටත් මොහුට හැකියාව ඇත. තවද ජපන් රොබෝ සංගමයේ පවසන කරුණු අනුව මෙම රොබෝ නිර්මාණය කිරීම සඳහා ඩොලර් 1870ක් පමණ මුදලක් වැය වී ඇත.

ලන්ඩනයේ ඉංජිනේරු කාර්මික විද්‍යාලයේ දී එළඹෙන ජූලි 23 වන දින පැවැත්වෙන උළෙලේදී මෙම ගම්බිරිස් රොබෝ ‘හලෝ’ යැයි ප්‍රකාශ කිරීමට ද නියමිතය. ලොවක් පුදුම කරවන එම සිදුවීම දැක බලා ගන්නට බොහෝ දෙනා ආසාවෙන් පසුවන බව විදෙස් වාර්තා පවසයි. එපමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ පාසල්වලටද මෙම රොබෝව හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කර ඇත.

Notice Board
Like Us on Facebook
Follow Us on Twitter