ලොව ස්ථුලම දරුවා ඉන්දුනීසියාවෙන් සොයා ගැනේ
July 11, 2016 01:38 pm
424
ලොව ස්ථුල භාවයෙන් වැඩිම දරුවා ලෙස ජනමාධ්‍ය විසින් නම් කරනු ලැබූ දස හැවිරිදි ආර්යා පෙර්මානා නම් ඉන්දුනීසියානු දරුවාගේ මව ප්‍රකාශ කළ අන්දමට සිය පුතු පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරු ඔහුට විශේෂ ආහාර වේලක් සකස් කරන මෙන් දැනුම් දී ඇත.

කිලෝ එකසිය අසූ අටක බරින් යුතු ආර්යා දරුණු රෝගී තත්වයක් ලෙස සැලකිය හැකි මට්ටමින් ස්ථුල භාවයෙන් පෙලෙන බව පවසන වෛද්‍යවරුන් ඔහුගේ දෙමව්පියන්ට උපදෙස් ලබා දී ඇත්තේ රතු හාලෙන් සැකසූ බත් සමග එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් ආර්යාගේ ස්ථුල භාවය යම් දුරකට අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි.


අධික ශරීර බර හේතුවෙන් මේ වන විට ආර්යා පාසල් ගමන නවතා ඇති අතර ඔහුගේ මිතුරන් ඉඳහිට ඔහු සමග සෙල්ලම් කිරීමට නිවසට පැමිණෙන බවයි ආර්යාගේ මව රොකායා පවසන්නේ.

~මගේ බලාපොරොත්තුව ආයෙත් මගේ පුතා ඉස්කෝලේ යනවා දකින්නයි` මට ඕනේ එයා ඉස්සර හිටියා වගේ කෙට්ටු වෙනවා දකින්නයි.~ බලාපොරොත්තු පිරි දෙනෙතින් බලා සිටි රොකායා සිය කතාව අවසන් කළේ .

Notice Board
Like Us on Facebook
Follow Us on Twitter