සුන්දරත්වය පිටුපස සැගවුනු මාරාන්තික විෂ - නිල් මකරා
February 13, 2017 04:34 pm
258
නිල් මකරා (Glaucus atlanticus) යන නමින් හදුන්වන දුර්ලභ මුහුදු ජීවි විශේෂය ජීවත් වන්නේ ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ වෙරළ තීරයේය. ඉතා ඉහල සුන්දරත්වයකට හිමිකම් කියන නිල් මකරා සත්ව රාජධානියේ Mollusca වංශයේ, Gastropoda යන කාණ්ඩයට අයත් සත්ව විශේෂයකි.
කෙතරම් අලංකාර වුවද මෙම සත්වයා අතිශයින් විෂ සහිත වන අතර ස්පර්ෂය ඉතා වේදනාකාරී, අනතුරුදායක හා ඇතැම් විට මාරාන්තිකද විය හැකිය.
නිල් මකරු උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශවල ජලය මතුපිට උඩු යටිකුරුව පාවෙන අතර ආහාර සදහා නිල් බෝතලයක් වැනි Jellyfish මත්ස්‍යයින් ගොදුරු කරගනී.


සම්පූර්ණයෙන්ම වැඩුනු මෙම සත්වයෙක් දිගින් අගලක් පමණ වේ. 
මෙම සත්වයාට ඉතා පුදුම සහගත වෙස් මාරු කිරීමේ හැකියාවක් ඇති අතර ඉතා දීප්තිමත් නිල් පැහැය නිසා දිය මතුපිට පාවීමට එම වර්ණය කදිමට උපකාරී වේ.
වශී කරවන අලංකාරයකින් යුතු මෙම නිල් මකරුන් ඉතා ආකර්ශනීය වන අතර එම සත්වයින් ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීන ලෙස සත්වවේදීන් කියා සිටී. 
Notice Board
Like Us on Facebook
Follow Us on Twitter