73 වන නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් 300ක්

0Shares

73 වන නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සඳහා ශිෂ්‍ය භටයින් 300ක් කඳවුරුගතව සහභාගී කරවීම තුළින් සිසුන් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ලංකා ගුරු සංගමය පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මේ බව කියා සිටියේය.

ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් සිදුකර ඇති එම ඉල්ලීමට අධ්‍යාපන ලේකම්වරයා ලිඛිතව විරෝධය පළ කර ඇතැයි ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දිවයින පුරා ඇති පාසල් 152කට අදාළ ව පාසල් ළමුන්, දින 15ක් කඳවුරුගත කිරීමට යෝජනා වී ඇති අතර එහි පළමු අදියර යටතේ සිසුන් සියලුදෙනා රන්ටැඹේ ජාතික පුහුණු ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ නේවාසිකව රැඳවීමට නියමිත අතර තවත් දින 7ක කාලයක් රාජගිරිය ප්‍රදේශයේ පාසලක නේවාසිකව
සිසුන් රඳවා ගැනීමට සැලසුම් කර ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*