පාසල් ක්‍රීඩා පුහුණුව අරඹන්න සැරසෙයි

0Shares

‘කොවිඞ් 19’ අවදානම වැඩි බස්නාහිර පළාත සහ සෙසු අවදානම් ප්‍රදේශ හැර සමස්ත ශ්‍රී ලංකාව තුළම සියලුම පාසල් ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරීමට ඉදිරි සතිය තුළ නිර්දේශ ලබාදීමට නියමිතය. එම නිර්දේශ ලැබුණු වාහාම මේ මස තුළ පාසල් ක්‍රීඩා ආරම්භ කළ හැකි වෙතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘පැවසීය.

කේවල සහ අවදානම අඩු ක්‍රීඩාවල තරගාවලි පැවැත්වීමට තීරණය කළ බලධාරීහූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබුණහොත් වැඩි අවදානමක් සහිත ක්‍රීඩා සහ එම තරගාවලි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව මසකට පසු නැවත සමාලෝචනය කිරීමෙන් එම ක්‍රීඩා සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගැනීමට මෙහිදී එකඟ ව තිබෙනවා.

ක්‍රීඩා ආරක්ෂාකාරීව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව නිසි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සකස් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල සහ ජාතික ක්‍රීඩා පාසල සභාවේ නිලධාරීහූ ද සහභාගි වූහ.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස මුල සිට මේ දක්වා පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට අවසර නොලැබුණු අතර ඒ හේතුවෙන් සමස්ත පාසල් පද්ධතිය තුළම ක්‍රීඩා කඩාවැටීමකට ලක්ව තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*