ලාංකීය සංගීතයේ පෙරළිකාර නියමුවා – ජිප්සීස් සුනිල් පෙරේරා

0Shares

ගායකයෙක්,ගිටාර් වාදකයෙක්,ගීත රචකයෙක් වූ සුනිල් පෙරේරා මහතා ලංකාවේ ජන ජීවිතය හා දේශපාලනය ගැන සිත් ඇදගන්නා සුළු ගීතයෙන් මිනිස් සමාජය පිනවිය.

හිටපු යුද හමුදා නිලධාරියකු හා තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ ඇනටන් පෙරේරා මහතාට සහ ඩොරින් පෙරේරා මහත්මියට දාව සහෝදර සහෝදරියන් 10 දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස 1952 සැප්තැම්බර් 14 වැනිදා මොරටුවේදී උපත ලැබුවේ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා ලෙසයි.

 

 

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් පසු අධ්‍යාපනය ලබන්නේ ශාන්ත පීතර විද්‍යාලයෙනි.

කුඩා කල සිටම සංගීතයට ප්‍රිය කළ සුනිල් පෙරේරා මහතා වයස අවුරුදු 11 දී ගිටාර වාදනය හැදෑරීමට යොමුවන අතර ප්‍රවීන වාදකයන් වූ වින්සන් ජයවර්ධන හා ජෝර්ජ් ෆර්ඩිනෑන්ඩු ඔහුගේ ගුරුවරු වූහ.

1969 දී පාසල් අධ්‍යාපනය නිම කළ පසු සිය පියාගේ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමට සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල්, නිහාල්, ලාල්, නිමල් යන තම සොහොයුරන් සහ ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.

ඔහුගේ ගීත අතර සයිමා කට් වෙලා,ලොවේ සැමා,අංකල් ජොන්සන්,අයි ඩෝන්ට් නෝ වයි,සුමිහිරි පානේ,තාත්තා මට ඇනපු ටොක්ක,ඔයේ ඔජායේ,කොත්තමල්ලි,හිනා හිනා වෙන්න හිනා,නෝනේ මගේ සුදු නෝනේ,කුරුමිට්ටෝ,සිඤ්ඤෝරේ වැනි තවත් බොහෝගීත වෙයි.


ලොව පුරා පැතිරයන කොවිඩ් මාරයාට ගොදුරු වූ එතුමා සුව වී නිවසට පැමිණීමෙන් මතු වූ සන්කුලතාවක් හේතුවෙන් නැවතත් රෝහල් ගත කර සිටිය දී 2021 සැප්තැම්බර මස 06 වන දින අවසන් හුස්ම හෙලුවා.

මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවුණා.

දිවියෙන් පමණක් නික්ම ගිය ඔහුට අපි මොක් සුව පතමු.

සංගීත ලොව පෙරළියක් ඇති කල සුනිල් කලාකරුවානනි ඔබට අප හැමදාම ආදරෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*